දැඩි පාරිසරික විනාශයක් සිදුකරමින් මහවැලි ගඟේ ඉවුර කපමින් මහා පරිමාණ ලෙස වැලි ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත් අඩංගුවට ගෙන තිබේ.
බලපත්ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ගොඩදැමීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගණය උළු කම්හල අසළ වගාව නම් ප්රදේශයේ මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ යෙදෙන මහියංගණය දෙහිගොල්ල සහ වගාව යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 40- 45 අතර පුද්ගලයන් තිදෙනෙකි.
සැකකරුවන් සමඟ ඔවුන් වැලි ගොඩදැමීමේදී භාවිතා කළ සවල්, බාල්දි ඇතුළු උපකරණද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ මහියංගණ පොලීසිය වෙත භාරදී තිබේ.
හාලිඇල - විජේරත්න රත්නායක