යාපනය නගරයේදී මහවිරු සැමරුමක් සූදානම් කලේ යැයි සැක පිට අත්අඩංගුවට පත් පූජකවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට යාපනය මහෙස්ත්රාත් පීටර් පොල් මහතා විසින් ඊයේ (28) දින නියෝග කරනු ලැබීය.
පසුගිය 27 වනදා රාත්රියේ එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව සහිතව නීතිවිරෝධීව මහවරු සැමරුක් සිදුකරන බවට යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යාපනය බිෂොප් නිවස ආසන්නයේදී අදාල පූජකවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලදි.
අනතුරුව පොලීසිය විසින් ප්රශන් කිරීමෙන් පසුව 27 වනදා උදෑසන යාපනය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර එහිදී අදාල පූජකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් ඇප ඉල්ලා සිටි අවස්ථාවේදී යාපනය පොලීසිය විසින් ඇප ලබා නොදෙන ලෙසට විරෝධය පල කර සිටියේය.
අනතුරව කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් යාපනය මහේස්ත්රාත් පීටර් පොල් මහතා විසින් අදාල පූජකවරයාට අවවාද කොට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් නඩුව යළි 2021 වර්ෂයේ මාර්තු මස 15 වනදා යලි කැඳවන බවටද නියෝග කරන ලදි.