මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය රැදවියන් 11 දෙනාගේ මළ සිරුරු IDH රෝහලට යොමු කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සි රාගල මහතා නියෝග කළහ.
ඒ එම මළ සිරුරු පිළිබඳ නඩුව අද කැඳවු අවස්ථාවේදී ය.
මහර බන්ධනාගාරයේ සිදු වු ගැටුමින් මිය ගිය පිරිසගේ මළ සිරුරු මේ වනවිට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා තැන්පත් කර තිබේ.
එම මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එතෙක් එම මළ සිරුරු කොරෝනා සෞඛ්‍ය නීති රීති වලට අනුව IDH රොහලට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළහ.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් එම මළ සිරුරු භූමදානය කරන්නේ ද ආදාහනය කරන්නේ ද යන්න පිළිබඳව තීන්දුවක් ලබා දිය නොහැකි බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පවසා සිටියහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ වත්තල සරත් චිනිතක