මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 5 වන විට වෛද්‍යවරුන් 11 ඇතුළු පුද්ගලයන් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ප්‍රකාශ ලබා ගත් අනෙකුත් පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් හෙද නිලධාරීන් හා රැඳවියන් ද වන බව ඔහු කීය
සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 6 දෙනකුගේ මළ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය
මිය ගිය එම පුද්ගලයන් ජාඇල වත්තල අඟුරුවාතොට මිනුවන්ගොඩ හා වැලිවේරිය පදිංචිකරුවන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී වරයෙකු ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 25 දෙනෙකු විමර්ශන කටයුතු සිදු කරනු ලැබ ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය