මහර බන්ධනාගාරයේ සදුදා රැඳවියන් 85 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමුකර සිටි අතර අද (9දා) ලැබුණ එහි ප්‍රථිපල අනුව රැඳවියන් 54 දෙනෙකු කෙරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ මහතා පැවසිය.
කොවිඩි 19 වෛරසය පැතිර යාමත් සමග රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව නිලධාරින් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් තවත් රැඳවියන් 100 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණ සඳහා අද දින (09දා) යොමු කිරිමට නියමිත බවද බන්ධනාගාර අධිකාරිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
රැඳවියන් 4000 කට ආසන්න පිරිසක් රඳවා සිටින මහර බන්ධනාගාරයේ රැඳවියන් කොටස් වශයෙන් වෙන් කොට කොටසින් කොටස පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කිරිමට කටයුතු යොදා ඇති බවද අධීකාරිවරයා පැවසිය.
බන්ධනාගාර පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකුලව කටයුතු කිරිමට නලධාරීන්ට මෙන්ම රැඳවියන්ටද උපදෙස් ලබා දී ඇති බවත් එයට අනුකුලව කටයුතු කිරිමට උපරිමයෙන් උත්සහ ගන්නා බවද බන්ධනාගාර අධිකාරිවරයා කීය.
ජාඇල තිස්ස කොටින්කඩුව-වත්තල සරත් චින්තක