මහියංගණය රෝහලේ වෛද්‍යවරයෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් කොවිඩ් ආසාදනයට ලක්වී ඇති බව අද (6) තහවුරු වූ බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
මේ තත්වය නිසා ඔවුන් දෙදෙනා සේවය කළ ළමා වාට්ටුව තාවකාලිකව වසා එම කාර්යමණ්ඩල ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .
මීට දින කීපයකට පෙරද මෙම රෝහලේ වෛද්‍යවරියක් කොවිඩ් ආසාදිත බවට තහවුරු විය .
පාලිත ආරියවංශ