කුණ්ඩසාලේ මහමෙවුනා අසපුව කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කර සෞඛ්‍ය අංශ වෙත භාර දීම කුණ්ඩසාල මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර ස්වාමීන් වහන්සේගේත් අනුශාසකත්වයෙන් (12) සිදුවිය.
මෙම අතරමැදි කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානය සදහා මාස් හෝල්ඩින් පෞද්ගලික ආයතනය මිලියන 12 ක් වැය කර ඇති අතර ඉතිරි මුදල් සදහා මධ්‍යම පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මේ සදහා භාවිතා කර ඇත.
රෝගීන් දහසකට එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීම සදහා අවශ්‍ය සියලු පහසුකම් ස්ථාපිත කර සංවර්ධනය කර ඇති මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වශයෙන් වෛද්‍ය චමින්ද ඒකනායක මහතා කටයුතු කරයි.
චමිල් රූපසිංහ