මහමැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
දේශපාලන උඩගුකම් පෙන්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වසංගතය රටපුරා පැතිරයාමට හේතු වන බව ද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කියා සිටියි.
මහමැතිවරණය නියමිත දිනට පැවැත්විමට තිබු අවස්ථාව නැති කළේ රජය විසින්ම යැයිද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සඳහන් කර සිටියි.
ඉහත පසුබිම යටතේ මහමැතිවරණය පවත්වන්නේ නම් දිනකට පරීක්ෂණ දසදහසක් වත් කළ යුතුව තිබූ බව ද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප්‍රකාශ කර සිටියි.