කුඩු කිලෝ 23ක් සිය සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඒ සඳහා වරදකරුවූ මෙරට ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් සියාම්ට හා ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණය දුන් මරණ දඬුවම නිවැරදි තීන්දුවක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
ඒ මොහොමඩ් සියාම් ගොනු කර තිබූ අභියාචනයේ තින්දුව ප්‍රකාශයට පත්කරමිනි. අභියාචනාධිකරණ විනිසුරන් වන කුමුදුනී වික්‍රමසිංහ හා ජනක්ද සිල්වා යන විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
මොහොමඩ් සියා හා ඔහුගේ බිරිඳ 2003 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්විය.