මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල 'ලලිත් ඇතුළත්මුදලි ශිෂ්‍යත්ව භාරකාර අරමුදල' ලෙස වෙනස් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එසේම එම අරමුදල පොදු දේපොළ පනත යටතට ඇතුළත් කරන බවත්, ඒ හරහා දූෂණ හා අක්‍රමිකතා කරන අයට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹදී අද (31දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අමාත්‍යවරයා,
“මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙනුවට එහි නම 'ලලිත් ඇතුළත්මුදලි ශිෂ්‍යත්ව භාරකාර අරමුදල' ලෙස වෙනස් කිරීමට අප තීරණය කළා. ශිෂ්‍යත්ව අරමුදලින් ජීවත් වෙන ශිෂ්‍ය ශිෂ්යාවන්වත් දන්නේ නෑ මෙහි ඉතිහාසය. ඒ තරමට මෙය අමතක වෙලා.
ලලිත් ඇතුළත්මුදලි නමට ඉදිකළ නාම පුවරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ඇවිල්ලා ඒවාට මිටිවලින් ගහලා යකඩ ඉනිවලින් ඇනලා විනාශ කළා. එතුමාගේ මහපොළින් ජීවත් වන අය තමයි මේ කටයුතු සියල්ල සිදු කළේ. මහපොළ භාරකාරත්ව අරමුදල් සියල්ල පොදු දේපොළ පනත යටතට ගැනෙන මුදල් ලෙස ගැනෙන සංශෝධනයක් අප මෙයට ඇතුළත් කළා.
පොදු දේපොළ යටතේ නීතිය ක්‍රියාත්මක වන විට නීතිය ඉතාමත්ම දැඩියි. දඩුවම් ඉතාමත්ම වැඩියි. ඒ නිසා මේ අරමුදලේ යම්කිසි අක්‍රමිකතාවක්, දූෂණයක් වුණොත් බරපතළ ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නිසා තමයි මේ වගන්තිය ඇතුළත් කළේ” යැයිද පවසා සිටියේය.