මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලුම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
තවද මහපොළ අරමුදල් ආයෝජනය කිරීමට මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරීත්වය යටතේ පිහිටුවා ඇති නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සමාගම සහ නැෂනල් වෙල්ත් සිකියුරිටීස් සමාගම් ඈවර කිරීමටද රජය තීරණය කර ඇත.
මෙම සමාගම් හරහා මහපොළ අරමුදල් ආයෝජනය කිරීමේදී අවාසිදායක තත්ත්වයන් මතුව ඇති හෙයින් මෙසේ සමාගම් ඈවර කර තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
.