මහපොළ භාරකාර අරමුදල ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සිමිත සමාගම සමඟ 2003 වසරේදි එළඹි ගිවිසුම එම අරමුදලට රු.කෝටි 164කට වැඩි ප්රතිලාභයත් ලැබිමට නියමිතව තිබුණත් එවකට එහි භාරකර මණ්ඩලය ගත් වැරදි තිරණ නිසා එම ප්රතිලාභය අහිමි වි ඇතැයි කෝප් කම්ටුවේදි හෙළි වි තිබේ.
එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයන් ඊයේ වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබිය.
මෙම ප්රතිලාභ අහිමිවිම සම්බන්ධයෙන් එවකට කළමනාකාරිත්වය වගකිව යුතු බව විගනකාධිපතිවරයා සඳහන් කර ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා කියා සිටියේය.