මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ්-19 රෝගීන් හතළිස් පස් දෙනකු වාර්තා වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි
එම රෝගීන් මහනුවර ගඟවටකෝරලය, උඩපළාත, පාතදුම්බර, දොළුව, දෙල්තොට, මැදදුම්බර, යටිනුවර, උඩදුම්බර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, අකුරණ හා තලාතුඔය යන ප්‍රදේශවලින් හමුවී හමු වී ඇති බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටී .
රෝගීන් ආශ්රිත පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කොට ඇති බවත් එම පවුල් සඳහා රුපියල් 10,000 ද්‍රව්‍යමය ආධාර ලබාදීමට පියවර ගෙන ඇති බවත් චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසයි .