මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,671ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 107ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,671 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 107 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විසිඑක වන්නේ ගඟඉහල කෝරලේ, පූජාපිටිය 12 බැගින්, යටිනුවර 11, ගම්පොල 9, අකුරණ 8, දොලුව 7, ගඟවටකෝරලේ, ගලගෙදර 6 බැගින්, කුණ්ඩසාල, මැදදුම්බර 5 බැගින්, හතරලියද්ද, මහනුවර නගර සීමාව 4 බැගින්, හාරිස්පත්තුව,පන්විල, පාතදුම්බර 3 බැගින්, ගලහ, හසලක, උඩුනුවර 2 බැගින්, මැණික්හින්න, පස්බාගේකෝරලේ, බඹරදෙණිය 1 බැගිනී.ඊයේ ගෙවුණු පැය 24 ක කාලය තුළ නව මරණ සංඛ්‍යාව 03ක් වන අතර මේ දක්වා වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 474 කි.