මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,525 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද (06) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 18ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,525 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 18 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හත වන්නේ මහනුවර නගර සීමාව 10, ගගවටකෝරළේ හා පාතහේවාහැට 2 ඛැගින්, පාතදුම්බර, මැණික්හින්න, බඹරදෙණිය හා හතරලියද්ද 1 බැගිනි.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්