මහනුවර වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා වෙලම්බඩ ප්‍රථමික සෞඛ්‍ය ඒකකය හා එම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලා දෙක වසා දමා ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය පවසයි.
මෙම වෛද්‍යවරයාට කෝවිඩ් වෛරසය අසාදනය වි ඇති බව ඊයේ (09) දින තහවුරු විමත් සමග එම බෙහෙත් ශාලා වසා දමා පෞද්ගලික බෙහෙත් ශාලා දෙක සදහා වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනිම සදහා පැමිණි පුද්ගලයින් සොයා මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ හා වෙලම්බඩ පොලිසිය පියවර ගෙන තිබේ.