මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වුවත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
එනමුත් මහනුවර ජාතික රෝහළේ උගුර,කන,නාසය පිළිබඳ ඒකකයේ සැත්කම් එළඹෙන සිකුරාදා දින තෙක් තාවකාලිකව නතර කළ බවත් එම අංශයට නව රෝගීන් බාර ගැනීමද තාවකාලිකව අත්හිටවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරිය පැවැසිය.
ආදළ ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය පසුගිය 26 දින තුල පි සි ආර් පරික්ෂණ මගින් ආසාදනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු කාර්ය මණ්ඩලයේ 71 දෙනෙකු 27 දින පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර බවත් එම වාර්තා වලට අනුව වෛද්‍යවරයෙකු ඇතුළු 17 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව වු බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.
කොවිඩ් ආසාදිත රෝහල් කාර්ය මණ්ඩලයේ ළඟව ආශ්‍රිතයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පෙරේදා (28) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයින් හඳුනා නොගත් බවද වැඩබලන අධ්‍යක්ෂවරිය සදහන් කළේය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට එක් අයෙකුට පමණක් අවසර ලබාදෙන බවත් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට කිසිවෙකුත් නොපැණෙන්නේ නම් එය වඩා යහපත් බවත් හදිසි ශෛළ්‍ය කරම් හා හදිසි අවස්ථා කටයුතු සියලු දේ මහනුවර රෝහලේ සිදුවන බවත් කිසිදු අවස්ථාවක රෝහල වසා දැමිමේ අවධානමක් මහනුවර රෝහල තුල නැති බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.
මේ වන විට කෝවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලයේ අය තෙල්දෙනිය රෝහල වෙත ප්‍රථිකාර සදහා යවා ඇති බවත් මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍යය කාරනයකට හැර සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම අවස්ථාවේදි හැකි තරම් රෝහලට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.