කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
මීට දින හතරකට පමණ පෙර මියගොස් ඇති එම තරුණියගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අද (09දා) ලැබී තිබේ. කොවිඩ් නිව්මෝනියාව, ඇදුම ,අධික රුධිර පීඩනය , මරණයට හේතු වශයෙන් දක්වා තිබේ.