මහනුවර මධ්‍යම වෙළඳපොළේ එළවළු වෙළෙඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් අටදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මධ්‍යම වෙළඳපොළ අද (26) සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර එම වෙළෙඳපොළ විෂබීජහරණය කිරීමටද පියවර ගත්තේය .
කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති වෙළඳුන් නගරයෙන් බැහැර දුර පළාත්වල පදිංචිකරුවන් බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
එම එළවළු වෙළඳපොලේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වූ අතර ඒ හේතුවෙන් කළ පි.සි.ආර්. පරීක්ෂණවලදී ඉහත රෝගීන් අටදෙනා වාර්තා වූ බව බලධාරීන් පවසයි .
ෂේන් සෙනෙවිරත්න