මහනුවර නගරය තුළ නිරන්තරයෙන් පවතින අධික ශබ්ද දූෂණය පාලනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මහනුවර මහනගර සභාවේ පරිසර ආරක්ෂණ සහ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ කමිටුව විසින් මහනුවර පොලීසිය මධ්‍යම පරිසර අධිකාරිය, ඇතුළු පරිසරයට සම්බන්ධ සියලු ආයතනවල සහාය ඇතිව අද (21) වන දින ක්‍රියාත්මක කරනු ලැබීය.
මහනුවර නගරය තුළ අධික රථ වාහන සංඛ්‍යාවක් දිනපතා අඛණ්ඩව ධාවනය විම හේතුවෙන් එයින් පිටවන අධික නළා හඬ නගරයේ සාමාන්‍ය ජන ජීවිතයට සහ කාර්යාල රෝහල් පාසල් ආදි ආයතන වල කටයුතු වලට මහත් බාධාවක්ව පවති.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර මහනුවර නගරය තුළ ශබ්ද දුෂණය අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් මහනුවර මහා නගර සභාවේ පරිසර ආරක්ෂණ හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ කමිටුව, මහනුවර පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු නගරයේ පරිසරය සුරැකීමට මූලිකව ක්‍රියා කරන ආයතන ගණනාවක් සමග එක්වි සකස් කර තිබේ.
පෙරවරුවේ පැවති මූලික අරමුණු පැහැදිලි කිරීමකින් හා දේශන කිහිපයකින් පසුව රියදුරන් දැනුවත් කිරිමේ වැඩසටහනක් නගරය පුරා දියත් කෙරිණි.
මෙම වැඩසටහන මහනුවර මහා නගර සභාවේ නගරාධිපති කේසර ඩි. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මධ්‍යම පරිසර අධිකාරිය මහනුවර පොලීසිය ඇතුළු ආයතන ගණනාවක මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මහනුවර - මොහොමඩ් ආසික්