මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි මහ පෙරහර අද (21) වීදි සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වෙනි රන්දෝලි පෙරහර ඊයේ (20) වීදි සංචාරය කළා.
රාත්‍රී 7 පසුවී විනාඩි 3 ට යෙදුණු සුබ මොහොතින් වයඹ දිශාමුඛව පෙරහර ආරම්භ කෙරුණා. පිටත දළදා වීදීය, ඊ.එල්. සේනානායක වීදීය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදීය ඉහළට පැමිණ ගෙවැදීම සිදුවුණා.
සාම්ප්‍රදායික නර්තනාංග රැසකින් පෙරහර වර්ණවත් වූ අතර කරඬුව වැඩම කරවීම සිදු කළේ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියායි.
මහනුවර, ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (22)රාත්රියේදී පැවැත්වීමෙන් අනතුරුව පසුදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වීමට නියමිතය.