මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වාර්තා කරමින් ගලහා ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව ,මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
එම පුද්ගලයා අසනීප තත්ත්වයක් හේතුවෙන් (30) ඔහුගේ බිරිඳ විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පේරාදෙණිය රෝහලේ ප්‍රකාශකයකු පැවසීය . ඉන් අනතුරුව ඔහුට සිදු කරන ලද පි.සි.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ .
එම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන බවත් සංචාරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් නැවතත් 27 වන දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී මියගිය පුද්ගලයාට කිසියම් අසනීප තත්වයක් ඇතිවී පේරාදෙණිය රෝහලට රැගෙනවිත් තිබෙන බව පොලීසිය කියයි .
ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ