මහනුවර දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 573 දෙනෙකු අද 13 වනදා පෙරවරුව දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
මහනුවර දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී ඇති මෙම ආසාදිතයින් අතුරින් වැඩිම ප්‍රමාණය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 164 ක් බවද සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනුව අද 13 වන විට ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මේ අයුරිනි.
අකුරණ 136, බඹරදෙණිය 16 යි,දොළුව 13 යි, ,ගලගෙදර අටයි, ගලහ 15 යි, , ගම්පොල 19 යි,ගඟඉහළ කෝරළය 14 යි, .හතරලියද්ද දෙකයි. ගඟ වට කෝරළය 12 යි,, වැරැල්ලගම(හාරිස්පතත්තුව) 18 යි, කුණ්ඩසාලේ 16 යි,, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය 164 යි,, මිනිපේ එකයි, මැදදුම්බර 18 යි, නාවලපිටිය හතරයි, පාතදුම්බර 43 යි,, පාතහේවාහැට 14 යි, පූජාපිටිය 12 යි, පන්විල එකයි, උඩුනුවර, හතයි, මැණික්හින්න 13 යි, යටිනුවර 25යි මෙලෙසින් මහනුවර දිස්ත්‍රික්කය තුලින් ආසාදිතයින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
අද 13 වනදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් උඩපළාත, මහනුවර මහනගර සභා බල ප්‍රදේශය පාතදුම්බර, පාතහේවාහැට , උඩුනුවර සහ යටිනුවර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක්ද වාර්තා වී ඇතිබව සෞඛ්‍ය අංශ කියයි.