මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (18) සිට 21දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුනක වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා පනස්දාහක් මේ සදහා ලැබී ඇති අතර වැඩිම අවදානමක් සහිත මහනුවර මහා නගර සභා සීමාව, පාතදුම්බර සහ පස්බාගේ කෝරලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල සඳහා ලබා එන්නත් ලබා දීම සිදු කෙරේ.
මහනුවර මධ්‍යස්ථාන 07ක්, පස්බාගේ කෝරලේ මධ්‍යස්ථාන 05ක්, සහ පාතදුම්බර මධ්‍යස්ථාන 03 දී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහනුවර ඩී.එස්. සේනානායක, ගැටඹේ මහානාම විද්‍යාලය, උසස් බාලිකා විද්‍යාලය, පුෂ්පදාන බාලිකා විද්‍යාලය, අරුප්පල කාර්මික විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය යන ස්ථානවල එන්නත්කරණය පවැත්වේ.
පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වත්තේගම බාලිකා විද්‍යාලය, මඩවල මදීනා ජාතික පාසල හා පරණගම මහ විද්‍යාලය යන ස්ථානවල ද පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අනුරාධ ප්‍රාථමික විද්‍යාලය, රඹුක්පිටිය මහ විද්‍යාලය, නාවලපිටිය මහ විද්‍යාලය, වෙස්ට්හෝල් දෙමළ විද්‍යාලය, මාපාකන්ද මහ විද්‍යාලය යන ස්ථානවලදී පැවැත්වේ.