මහනුවර දිස්ත්‍රික්කයේ අද (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 136ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 11,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 136 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විස්ස වන්නේ ගලහා 38, මහනුවර නගර සීමාව 23, පාතදුම්බර 19, උඩුනුවර 17, ගඟවටකෝරළේ 10, ගම්පොල හා බඹරදෙණිය 8 බැගින්, ගඟඉහළකෝරළේ 3, හතරලියද්ද, පස්බාගේකෝරළේ හා පූජාපිටිය 2 බැගින්, දොළුව, කුණ්ඩසාලේ මැදදුම්බර හා මැණික්හින්න 1 බැගිනි.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තාවන මරණ සංඛ්‍යාව 242 ක් වන අතර වැඩිම අසාදිතයින් හා ප්‍රතිකාර ලබන ආසාදිතයින් මහනුවර නගරය, කුණ්ඩසාලේ හා මැණික්හින්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තාවී ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්