මහනුවර දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 589 දෙනෙකු අද පෙරවරුව දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
මහනුවර දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී ඇති මෙම ආසාදිතයින් අතුරින් වැඩිම ප්‍රමාණය මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 164 ක් බවද සෞඛ්‍ය අංශ කියයි.
අද 14 වනදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් අකුරණ සහ හාරිස්පත්තුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක්ද වාර්තා වී ඇතිබව සෞඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්