මහනුවර නගර සභා බල සීමාව තුළ ඉදිකිරීම සඳහා ඉදිරිපත්වන ඇතැම් ගොඩනැගිලි සැලසුම් සඳහා නගර සභාව මගින් අවසර නොදෙන අවස්ථා වලදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නගර සීමාව තුළ ඇතැම් ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් සුන්දර මහනුවර නගරය කොන්ක්රීට් පුරවරයක් බවට පත්වෙමින් තිබෙන බව මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසයි.
මහනුවර මහ නගර සභාවේ මාසික රැස්වීමේදී නගරාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අනුග්රහය මත මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් සිදුකරන බවත් මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට තමන් පියවර ගත් බවත්ය .
තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමට කිසිසේත් නොහැකි ස්ථානවල එවැනි ගොඩනැඟිලි ඉදි වන බවත් මේ සම්බන්ධව ඉදිරියේදී අගමැතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වනු ඇතැයි අපේක්ෂා කරන බවද නගරාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.