මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
මීතොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති බලධාරීන්ට අවධාරණය කළේ ගොහාගොඩ කසළ කළමණාකරණ මධ්‍යස්ථානයේ කටයුතු විධිමත් කිරීම පිළිබඳ අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
කටුගස්තොට ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටලු රැසක් මතුව තිබෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසළ ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ එම කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙසත්, නගර සභාව සහ පළාත් සභාව එක්ව ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත ද උපදෙස් දී ඇත.