මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේසිවුමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීතරුණ අඹු සැමි යුවලක් සහ මාස එක හමාරක් වයසැති කුඩා බිළිඳෙකු මියයාමේ සිද්ධියේ ප්රධාන සැකකරුවු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිලමේ වරයා (13) මහනුවර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය ..
විත්ති පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා සහනන්ද සේනානායක යන මහතුන් දීර්ඝ වශයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ පිළිම වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේදී මහේස්ත්රාත් අධිකරණයේ සිටිසියලුම නීතිඥ මහතුන් සහ මහත්මියන් නැගී සිටිමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටීම විශේෂ සිදුවීමක් විය .
එම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන්තරුණ අඹු සැමි යුවලක් වු චමිල ප්රසාද් (35) සහ වෘත්තියෙන් නීතිඥවරියක් වූ අචලා ඒකනායක (30) සහ ඔවුන්ගේ මාස එකහාමාරක් වයසැති වූ ඔනේලා ඒකනායක නමැති කුඩා බිලිඳිය මරණයට පත්විය .
අගතියට පත් පාර්ශවයේ සහ විත්ති පාර්ශවයේ ජනාධිපති නීතිඥ වරුන්ගේ දීර්ඝ වාද විවාදයන්ටසවන් දීමෙන් අනතුරුව මහේස්ත්රාත් සම්පත් ගමගේ මහතා විවෘත අධිකරණයේ ප්රකාශ කර සිටියේ එම නිවස මහල් දෙකකට ගොඩ නැගීම සඳහා අවසර ගෙන සිවුමහල් ගොඩනැගිල්ලක් වශයෙන් ඉදි කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු රැසක් තිබෙන හෙයින්ඒ පිළිබඳ පුළුල් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර ඊට වගකිව යුතු පාර්ශව දඅධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි . විත්තිකරු මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා එදිනට පොලිස් විමර්ශනවල ප්රගතිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය . මහනුවර මූලස්ථාන පොලිසිය වෙනුවෙන්එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂකඩබ්ලිව්. ජි. බණ්ඩාර මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .
ෂේන් සෙනෙවිරත්න