රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 120,000ක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම එන්නත්වලින් කොටසක් මහනුවර දිස්ත්‍රිකකයේ ස්පුට්නික් V දෙවන මාත්‍රාව අවශ්‍ය පුද්ගලයින් සඳහා ලබාදීමට නියමිතය.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුටිනික් වී එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට එහි දෙවැනි මාත්‍රාව සඳහා එන්නත් අවශ්‍ය වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයට අවශ්‍ය එන්නත් ලබාදීමෙන් පසුව ඉතිරිය වෙනත් ප්‍ර දේශවලට අවශ්‍යතාව අනුව ලබාදීමට නියමිතය.