මන්නාරම දිස්ත්‍රීක්කයේ පවතින සංවර්ධන ගැටලු හා ජනතා ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මන්නාරම් රදගුරු එමානුවෙල් ෆනැන්ඩෝ හිමිපාණන් සමග පැවත්වුණි.
මන්නාරම් රදගුරු නිවසේදී ඊයේ (10දා) සවස පැවති මෙම සාකච්ඡාව වෙනුවෙන් හිටපු වන්නි ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතාද සහභාගි විය.
මෙම සාකච්ඡාවේදී මන්නාරම් රදගුරු හිමිපාණන් විසින් මන්නාරම් දිස්ත්‍රීක්කයේ ධීවරයින්ගේ ගැටලු, යුද්දෙන් පසුව නැවත පදිංචි වූවන්ගේ ගැටලු මෙන්ම මන්නාරම් රෝහලේ වෛද්‍ය හිගය රෝගීන් පත්වන අපහසුතාවයන් පිළිබඳවද කරුණු දැක්වූ අතර මන්නාරම් වව්නියාව ප්‍රධාන මාර්ගය මෙතෙක් පිළිසකර වී නොමැති බවද හිටපු ජනාධිපතිවරයා දැනුවත් කරන ලදි.