මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක තනතුර ලබා නොදීම සඳහා අපූරු තර්කයක් මේ දවස් වල සමාජ ජාලා හරහා ව්‍යාප්ත කරමින් තිබෙනවා.
ඒ තමයි මහින්ද දැන් පොහොට්ටුවේ සාමාජිකයෙක්. ඒත් පොහොට්ටුව සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවේ. ඒ නිසා මහින්ද මහතාට සන්ධානෙන් විපක්ෂ නායක තනතුරට නම් කරන්න විධියක් නෑ. මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලා අයදුම්පතක් භාර දුන්න බවට ආරංචියි. ඒත් සාමාජිකත්වය දුන්නා ද නැද්ද කියන එක දන්නේ බැසිල් රාජපක්ෂ මහතා තමයි.
හැබැයි එක දෙයක් පැහැදිලියි. කිසිම අවස්ථාවක ශ්‍රිලනිපය විසින් මහින්ද මහතා ශ්‍රිලනිප සාමාජිකත්වයෙන් තබා අනුශාසක ධූරයෙන්වත් නෙරපා හැරියේ නෑ. ඒ නිසා මේ මොහොතෙත් එතුමා ශ්‍රි ලනිප සාමාජිකයෙක් ලෙස විපක්ෂ නායක ධූරයට හිමිකම් කියන්න පුළුවන්.
අද පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.