මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණීමට නියමිතව තිබේ.
කීති නොයාර් මහතා 2008 වසරේදී පැහැර ගැනීමකට ලක්වූ අතර පසුව කෘර වද හිංසාවලට ලක් කිරීමෙන් පසුව ඔහු නිදහස් කරනු ලැබීය.
මේ පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවයි.
මීට අමතරව මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.