ත්‍රීකුණාමලය එරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් ඊයේ (23) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද නීරීක්ෂණයකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් දැක එය පරික්ෂා කිරීමේදී මෙම පුපරණද්රව්ය තොගය හමු වී ඇත.
එහිදි වෝටර් ජෙල් කූරු 16ක් , විදුලි නොවන ඩෙටනේටර් 08ක්, අඟල් 4, 8,සහ 10 බැගින් වූ සේෆ්ටි ෆියුස් 07 ක්, සහ සිලින්ඩර් දෙකක් තිබී හමුවි ඇත.
අදාල පුපුරණද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර නීතිවිරෝධීව මසුන් මැරීම සඳහා ධීවරයින් විසින් අදාල පුපුරණද්‍රව්‍ය රැගෙනවිත් නාවික හමුදාව දැක මුහුදට දමන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
හමුවූ පුපුරණද්‍රව්‍ය තොගය ආරක්ෂාකාරීව නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවටද නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.