කල්පිටිය, මිරිස්ස හා ත්රිකුණාමලයේදී මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා අවසර ලබා ගත යුතු බව සඳහන් කරමින් රජය නීතියක් පනවා තිබේ.
ඒ අනුව ඉදිරියේදී ශ්රී ලංකාව අවට මුහුදේ සිටින ඩොල්ෆින්, තල්මසුන් නැරඹීම සඳහා මින් ඉදිරියට රජයේ අවසර ලබා ගත යුතුවෙයි.
මෙම කර්මාන්තය නියාමනය කිරීමකින් තොරව සිදුකිරීම හේතුවෙන් මුහුදු ජීවීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති අතරම ශ්රී ලංකාව අවට මුහුදු කලාපයෙන් ඔවුන් ඉවත්ව යෑමේ අවධානමක්ද පැවැතියේය.