සෑම පුද්ගලයෙක්ම මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවත් මුහුණු ආවරණ රහිතව කටයුතු කරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
"මුහුණු ආවරණ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනවා. සෑම පුද්ගලයෙක්ම පොදු ස්ථානයකදී මුහුණු ආවරණයක් පැළදිය යුතුයි.
යම් තැනැත්තෙක් මුහුණු අවාරණ නොපැළඳ ගැවසෙන්නේ නම් එවැනි වරදකට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකියි.
සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ පිළිබඳව උපදෙස් ලබා දී තිබේ. කාර්යාලයක සේවය කරන්නේ නම් එක්රැස්වීමකින් තොරව කටයුතු කරන්න."