වව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැකකෙරෙන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය පැවසීය.
පසුගිය 09 වනදා සවස වව්නියාව සාන්තසොලෙයි ප්‍රදේශයේදී රාජකාරී කටයුතු කරමින් සිටි මහජන සෞඛ්‍ය පරික්ෂක වරයෙකු විසින් මුඛ ආවරණ නොපැළඳ සෞඛ්‍ය නීති කඩකරමින් යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණයෙකු නවතා ප්‍රශ්න කිරීමට ගත් උත්සහයකදී අදාල තරුණයා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පහරදී ඇත.
අදාල පහරකෑමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අසාධ්‍ය තත්වයෙන් රෝහලගත කළ අතර පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව පොලීසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
එහිදී අදාල සැකකාර 25 හැවිරිදි තරුණයා සාන්තසෝලෙයි ප්‍රදේශයේම සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම තරුණයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය පැවසීය.