පාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්රධානත්වයෙන් ඊයේ ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා 2002 අංක 35 දරණ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත අනුව පාර්ලිමේන්තු සභාව වෙත ඉදිරිපත් කර තිබු පහත සඳහන් නාමයෝජනාවන් සඳහා පාර්ලිමේන්තු සභාවේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය පලකරනු ලැබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ නව සාමාජිකයින් පහත දැක්වේ
1) ජනක රත්නායක මහතා (සභාපති)
2) චතුරිකා විජේසිංහ මහත්මිය (සාමාජික)
3) මොහාන් සමරනායක මහතා (සාමාජික)
4) උදේනි වික්රමසිංහ මහතා (සාමාජික)
5) මහාචාර්ය ජනක ඒකනායක මහතා (සාමාජික)