නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ මාස හයක කුඩා දරුවකු නිවසේ මේසයක් මතින් පහතට වැටීමේන් බරපතල ලෙස අසාධ්‍යව නවගත්තේගම රෝහලට ඊයේ (26දා) සවස ඇතුළත් කිරීමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දනුජ දහම්ස නැමති දරුවකු බව කියයි. මරණයට පත් දරුවා දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වෙයි.
සිද්ධිය වන අවස්ථාවේ දරුවන්ගේ මව නිවසේ නොසිට ඇති අතර දරුවන්ගේ මීත්තනිය භාරයේ දරුවන් රැදී සිට ඇත. මරණයට පත් දරුවාගේ පියා කටුනායක ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියි.
කුඩා දරුවන් හා මවත් මිත්තනියත් කුඩා කටු මැටි ගැසු කුඩා නිවසක දිවි ගෙවන අතර දරුවන්ගේ මව පාපිසි සැකසිමට යොදා ගන්නා මේසය මත දරුවන් සිව් දෙනාම රැදී සිටි අවස්ථාවේදී කුඩා දරුවා මෙසේ මේසයෙන් පහළට වැටී තිබේ.