ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණ දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මෙහිදි දේවස්ථාන තුල දුරස්ථභාවය හා විෂබීජහරණය මෙන්ම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරුණක් බවත් සාමය පතා අතට අත දීමත් සත්ප්‍රසාද දිවට ලබාදීමත් තහනම් කටයුත්තක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ තත්ත්වය යටතේ ඉතාලියේ ඉරුදින පළමු දේව මෙහෙය ලබන මැයි 24 දින පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (07) දිනය අවසන් වන විට ඉතාලියේ සමස්ත ආසාදිතයන් 215,858 ක් මරණ 29,958 ලෙස වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාතයාංශය පැවසීය.
ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව ගෙවුනු දින 4 දි වාර්තා වු දෛනික නව ආසාදිතයන්ට වඩා සුව වු සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බවත් 6,082 ක් පසුගිය දින 4 දි නව ආසාදිතයන් වාර්තා වනවිට එම කාලයේදි සුව වු පිරිස 15,622 වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු