නව කොරෝනා වෛරසය හමුවේ මාස දෙකක කාලයක් රට අගුලු දමා තිබූ පසුබිමක අත්හිටුවනු ලැබූ අභ්‍යන්තර ගුවන් ගමන් යළිත් ආරම්භ කළ බව ඉන්දියාව පවසයි.
දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් සහ නැගෙනහිර බටහිර බෙංගාලය හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත වෙත පියාසර කරන ගුවන් ගමන් සීමිත ධාරිතාවයකින් නැවත ආරම්භ වී ඇත.
ආන්ද්‍රා ප්‍රදේශ් සහ බටහිර බෙංගාලයේ පිළිවෙලින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ගුවන් ගමන් ආරම්භ කරන බව එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පවසයි.
පියාසර කිරීමට පෙර මගීන්ගේ උණ තත්ත්වයන් පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම අතරතුර මුඛ ආවරණ පැළඳීම ඇතුළු සනීපාරක්ෂක ක්‍රම භාවිතය අනිවාර්යය කර තිබේ.
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 140,000 සීමාවට පැමිණ ඇති අතර, කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 4,000 ඉක්මවා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එරට සමස්ත ආසාදිත අගය මේ වනවිට 139,049ක් ලෙස දැක්වෙන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 4,024කි.
වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව 57,721ක් ලෙස ඉන්දියාවෙන් වාර්තා වෙයි.