කොවිඩ්-19 හි අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාස කිහිපය තුළ වෛරසයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (21දා) ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් හා කලාප 124ක වාර්තා වී ඇති අතර, එය පසුගිය සතියට වඩා 13ක වැඩිවීමකි.
එය දැනටමත් බොහෝ ප්‍රධාන රටවල අනුපිළිවෙලින් ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
"එය අනෙකුත් ප්රභේදයන් සමග වේගයෙන් තරඟ වදිනු ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ සංසරණය වන ප්රමුඛ පෙළේ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා" එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය සතිපතා වසංගත රෝග පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේදී පැවසීය.