ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මන්ත්රීවරු සිව්දෙනා විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට රජය අවසර දෙන බවට වූ කොන්දේසිය මත බව මුස්ලිම් කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසාල් කාසීම් මහතා පැවැසීය.
ඊයේ කොළඹදී රැස්වූ පක්ෂයේ උත්තරීතර සභාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මේ පිළිබඳව ආණ්ඩුවේ සිටින ඇතැම් පිරිස් විරෝධය දැක්වීම හේතුවෙන් මුස්ලිම් සිරුරු භූමිදානය කිරීමට අවස්ථාව ලැබී නොමැති බවත් ඔහු පැවැසීය.
මෙහිදී තමන් අතින් සිදුවූ වැරැද්දට මහජනයාගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවට පක්ෂයේ උත්තරීතර සභාව තීරණය කළ බව පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා පැවැසීය.