ලොව පුරා මතුව ඇති කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා රජය නිතුක් කර ඇති උපදෙස්වලට අනකූලව මහජනතාව එක් රැස්වීම් වැළැක්වීම සඳහා දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාවන් සහ පස්වේල් සලාතයන් නැවත දැනුම් දෙන තුරු වහාම නවත්වන ලෙස සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය( සමස්ත ලංකා ජමියතුල් උලමා සංගමය) සියලු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.
සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.එම්.ඒ. මුබාරක් මහතාගේ අත්සනින් යුක්තව මෙම ඉල්ලීම නිකුත් කරනු ලැබ තිබේ . ඒ අනුව අද සිට නැවත දැනුම් දෙන තුරු සියලු මුස්ලිම් දේවස්ථානවල සියලු යාඥා කටයුතු නැවැත්වීමට කටයුතු කරන ලබයි.
මේ සම්බන්ධයෙන් රජය සහ අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් එම සංගමය තව දුරටත් කියයි.
මහනුවර මොහොමඩ් ආසික්