දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල අද දිනයේ සිට සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.
සාමාන්‍යයෙන් සෑම සිකුරාදාවකම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව පැවැත් වුවද කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් නැවත දනුම් දෙන තුරු සිකුරාදා යාඥාව සහ දිනපතා සිදු කරනු ලබන පස්වේල් යාඥාවන්ද නැවැත්වීමට පියවර ගෙන ඇති බවත් සම සංගමය පවසයි.
මොහොමඩ් ආසික්