අධිකරණයෙන් නියමවූ දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාසයක සිර දඩුවමක් නියම වූ තරුණයෙකු ඊයේ (04දා) සවස හලාවත පොලිස් බන්ධනාගාර සිරකුටිය තුළදීම තම උඩුකය ඇදුමෙන්ම එල්ලී ගෙල සිරකරගෙන මරණයට පත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත වට්ටක්කල්ලිය පදිංචි ජේසුදාසන් දේශංකර් නැමති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මරණකරු අධිකලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති අතර 03දා මත්ද්‍රව්‍ය සනතකව තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන 04දා අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී හලාවත දිසා අධිකරණයෙන් චෝදනාව පිළිගත් මෙම තරුණයාට රුපියල් 10000 ක මුදලක් දඩය වශයෙන් ගෙවීමට නියමව ඇති අතර එය නොගවන්නේනම් මාසයක සිරදඩුවමක් නියම වී ඇත.
මෙම දඩමුදල ගෙවීමට අපොහොසත් වූ තරුණයාව මීගමුව බන්ධනාගාරයට ගෙනයාමට නියමිතව තිබියදී හලාවත පොලිස් බන්ධනාගාරයේ සුලංකවුලූවක තම උඩුකය ඇදුම බැඳදමා එමගින් ගෙල සිරකර ගනිමින් පොලිස් බන්ධනාගාර සිරමැදිරිය තුළදීම මරණයට පත්ව ඇත.
හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ඞී. ඒ. ඒ. ඩී. බුද්ධදාස මහතා මරණය සිදුව ඇති ස්ථානයේදීම ස්ථානීය පරීක්ෂණයක් සිකළ අතර මෘත ශරීරය හලාවත රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කිරීමට පොලීසියට නියෝග කළේය. මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය 05දින සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව වාර්තාවක් ගරු අධිකරණයට ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න