මොසැම්බික් වෙත චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයේ පළමු කාණ්ඩය ඊයේ (24දා) පස්වරුවේ එරටට ලැබී තිබේ.
මාපුටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මොසැම්බික් අග්‍රාමාත්‍ය කාලෝස් අගොස්ටින්හෝ ඩූ රොසරියෝ සහ මොසැම්බික් හි චීන තානාපති වැන්ග් හෙජුන් ඇතුළු නිලධාරීන් මෙම ආධාර තොගය පිළිගෙන ඇත.
ෆේස්බුක් සටහනක් මගින් චීනය වෙත ආධාර ලබාදීම පිළිබඳව මොසැම්බික් ජනාධිපති ෆිලිපේ නියුසි සිය කෘතඥතාව පළ කරමින් කියා සිටියේ දෙරටේ සහයෝගීතාව පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.
මේ අතර, චීනයේ පළමු එන්නත් කණ්ඩය ඊයේ (24දා) උදෑසන බොලිවියාවේ සැන්ටා කෘස් වෙත පැමිණි අතර, බොලිවියාවේ ජනාධිපති ලුයිස් ආර්ස් කැටකෝරා සහ එරට චීන තානාපති ඇතුළු නිලධාරීන් ගුවන් තොටුපළේදී මෙම එන්නත් තොගය පිළිගෙන තිබේ.
චීනය සමග එන්නත් සහයෝගීතාව ජනාධිපතිවරයා විසින් පැසසුමට ලක්කළ අතර, ලතින් ඇමෙරිකානු රාජ්‍ය මේ මස මුලදී චීනයේ සීනොෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කළේය.