මොසැම්බික්හි උතුරු නගරය වන පල්මා නගරය වටා ඊයේ (27දා) දිනයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් එල්ල වූ ප්‍රහාර මැඬපැවැත්වීමට දරුණු සටන් පැවති බව විදෙස් වාර්තා පවසයි.
මානව හිමිකම් කණ්ඩායම් පවසන පරිදි බදාදා ප්‍රහාරයෙන් පසු දහස් ගණනක් ජනයා පල්මා වෙතින් පලා ගොස් ඇති අතර, දේශීය හෝටලයක රැකවරණය ලැබූ සැලකිය යුතු පිරිසකගේ ඉරණම පැහැදිලි නැති බවයි.
ISIS ත්‍රස්තවාදී කල්ලියට සම්බන්ධ යැයි විශ්වාස කරන තුවක්කුකරුවන් පල්මාට දිශාවන් තුනකින් පහර දීමෙන් පසු වීදිවල සිරුරු විසිරී තිබූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් හියුමන් රයිට්ස් වොච් ඊයේ පැවසීය.
නගරය ප්‍රංශ සමාගමක් වන ටෝටල් විසින් පවත්වාගෙන යනු ලබන විශාල ද්‍රව ස්වාභාවික වායු ව්‍යාපෘතියකට ආසන්නව පිහිටා ඇත. මොසැම්බික් රජය සහ ටෝටල් පල්මා නගරයට උතුරින් පිහිටි විශාල අෆුන්ගි ව්‍යාපෘතියේ මෙහෙයුම් නැවත ආරම්භ කරන බව නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල විය. ත්රස්තවාදීන්ගේ ප්‍රහාර මාලාවකින් පසු ජනවාරි මාසයේ සිට වැඩ කටයුතු අත්හිටුවා තිබුණි.
ඒ අනුව මේ වනවිට මොසැම්බික් රාජ්‍ය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් ජන සංහාරයක් සිදුකරමින් සිටින අතර, එය අමු සොහොනක් බවට පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.