නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.
සැක සහිත යතුරු පැදියක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදී ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 42ක් වන මූතූර්, වල්ලිකේනි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්දයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සදහා සේරුනුවර පොලිසිය වෙත භාරදෙන ලදී.