මසුන් මැරිම සදහා යොදා ගැනෙන ස්පියර් තුවක්කු හතරක් නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් ව්‍යාපාරිකයෙකු ලක්ෂ 10ක ඇපයක් මත මුදා හැරිමට කොළඹ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් වයි.ඩි.ආර්. නෙළුම්දෙණිය මහතා ඊයේ සවස ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ට නියෝග කෙරුණි .
මෙසේ ඇප මත මුදා හලේ කොළඹ ප්‍රධාන පෙළේ කිමිදුම් උපකරණ අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයකි. අදාළ සැකකරු ඇප මත මුදා හැරිමට නියෝග කලද ව්‍යාපාරික ස්ථානය පරික්ෂණ අවසන් වන තුරු මුද්‍රා තැබිමට මහේස්ත්‍රාත් වරයා ධිවර විමර්ශන නිලධාරින්ට අවසර ලබා දී තිබුනී.
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2007 ස්පියර් තුවක්කු තහනම් කිරීමේ නියෝග මාලාව උල්ලංඝනය කරමින් අදාළ සැකකරු විසින් මෙරටට රැගෙන එම සම්පුර්ණයෙන් තහනම් ස්පියර් තුවක්කු කිමිදුම් උපකරණ අලෙවි කිරීමේ මුවාවෙන් මෙම තුවක්කුද අලෙවි කිරිමට කටයුතු කර ඇති බව ධිවර විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා තිබුනී.
මෙම ස්පියර් ගිනිඅවි ශ්‍රී ලංකාවට රැගෙන එම හා සන්තකයේ තබා ගැනිම 2007 ස්පියර් තුවක්කු තහනම් කිරිමේ නියෝග මාලාවේ දක්වා ඇති බවත් ධිවර විමර්ශන නිලධාරින් පවසයි.
මෙම ගිනිඅවි යොදා ගනිමින් මසුන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබිමට හැකි බවත් එය මිනිසුන් පවා ඉලක්ක කර ගනිමින් ජිවිත හානි සිදු කර හැකි බවද කියයි.
නාවික හමුදා බුද්ධි නිලධාරින්ගේ තොරතුරක් මත ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය ඊයේ (5) දින අදාළ ස්ථානය වටලා කල සෝදිසි මෙහෙයුමකදී අදාළ ස්පියර් ගිනිඅවි කිමිදුම් උපකරණ සමග අලෙවියට තබා තිබියදී මෙම ව්‍යාපාරික ස්ථානයේදී හිමිකරු කියන ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන තිබුනී.
මෙම වැටලිම සදහා ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගෙ උපදෙස් මත විමර්ශන අධ්යක්ෂ සුමනා එදිරිවිර මහත්මිය සමග විමර්ශන නිලධාරි එන් .එන් .ඩි.එස් .යු . පරණවිතාරන ධිවර නිලධාරින් වන නවෝද් නිපුන් , සුපුන් කුමාර , වයි.ඒ.ආර් .දමිත් ,රියදුරු රවින්ද්‍ර තිලක් යන නිලධාරින් වැටලිමට එක්වි තිබුනී.